Tuesday, February 5, 2019
ධාරා විද්‍යුතය [1.මූලික සංකල්ප(ii)]
ඔන්න අද අපි කතාකරන්න යන්නෙ විද්‍යුත් ප්‍රතිරෝධය සම්බන්ධව. කලින් ලිපියෙන් අපි ධාරාව ගැන එහෙම කතා කළානෙ. එහෙනම් අපි බලමු මේ ප්‍රතිරෝධය ගැන,
විද්‍යුත් ප්‍රතිරෝධය
මොකක් හරි මාධ්‍යයක් තුළින් ධාරාවක් ගලාගෙන යනකොට ධාරා වාහක වල චලිතයට මාධ්‍යය විසින් ඇතිකරන බාධාව ඒ අදාළ මාධ්‍යයේ විද්‍යුත් ප්‍රතිරෝධය කියල කියනව. ඕක තමයි ප්‍රතිරෝධය කියන එක පැහැදිළි කරන්න පුලුවන් සරලම විදිහ. මේක පැහැදිළිවම අදිශ රාශියක්. (මොකද මං පැහැදිළිවම කියල කිව්වෙ, ධාරාව දෛශිකයක් නොවුනට ඒක අදිශයක් කියල කියන එක එච්චර සුදුසු නෑ. ඒ හින්ද අපි ධාරාවට නම් කියන්නෙ, ඒක දෛශිකයක් නොවේ කියල තමයි.)
මේකෙ ඒකකය විදිහට ගන්නෙ ඕම්ස් කියන ඒකකය. මේක විද්‍යාඥයෙකුගේ නමක්. අපිට ඕනෙ නම් ප්‍රතිරෝධයට ඒකකයක් මූලික ඒකක සංයෝජනයෙනුත් ගන්න පුලුවන්. මේ ඒකක ලියන්නෙ මේ වගේ.
මොකක් හරි සන්නායක ද්‍රව්‍යයක ප්‍රතිරෝධය සඳහා ප්‍රකාශනයක් ඒකෙ ජ්‍යාමිතික සාධක ඇසුරෙන් ඔනෙනම් අපිට ලබාගන්න පුලුවන්.
ඔය සමීකරණය අපිට ඕනෙනම් මෙහෙම පැහැදිළි කරගන්න පුලුවන්. සන්නායකයක දිග වැඩිවෙනකොට ප්‍රතිරෝධය වැඩි වෙනව.(වාහක වලට ගමන් කරන්න ඕන දුර වැඩිවෙන එක තමයි හේතුව) ඒ කියන්නෙ සන්නායකයේ ප්‍රතිරෝධය ඒකෙ දිගට අනුලෝමව සමානුපාතිකයි. ඒ වගේම සන්නායකයක ප්‍රතිරෝධය ඒකේ හරස්කඩ වර්ගඵලය වැඩිවෙනකොට අඩු වෙනවනේ. (වර්ගඵලය වැඩිවුනාම වාහක වලට පහසුවෙන් ඒ හරස්කඩ හරහා ගමන් කරන්න පුලුවන් වෙන එක තමයි හේතුව)
ඒ කියන්නෙ සන්නායකයේ ප්‍රතිරෝධය ඒකෙ හරස්කඩ වර්ගඵලයට ප්‍රතිලෝමව සමානුපාතිකයි.
මේ සමානුපාතිකත්ව දෙක එකතු කරල ඒක සමීකරණයක් කරන්න දාල තියන සමානුපාතිකත්වයේ නියතයට කියන්නෙ අදාළ මාධ්‍යයේ විද්‍යුත් ප්‍රතිරෝධකතාව කියල.
ඔය සමීකරණයෙ විශේෂයෙන් පොඩ්ඩක් දැනගන්න ඕන දේ තමයි ඔය හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය කියන්නෙ ධාරාවට ලම්භක පදාර්ථ පවතින හරස්කඩ වර්ගඵලය කියන එක. ආදේශ කරන හරස්කඩ ධාරාවට ලම්භක වෙන්නත් ඕනෙ. ඒකෙ පදාර්ථ තියෙන්නත් ඕනෙ. මේව ඉතින් බොහොම පහසු දේවල්. ඒ වගේම අපි මේක හොඳට තේරෙන විදිහට කියලත් දෙනවනේ.
ඊළඟට ඔයාල දැනගන්න ඕන දේ තමයි විද්‍යුත් ප්‍රතිරෝධකතාවය ගැන.
විද්‍යුත් ප්‍රතිරෝධකතාව
දිග පළල උස මීටර එක බැගින් වන ඝනකයක මුහුනට මුහුන පිහිටන මුහුණත් (සම්මුඛ කියල කියන්නෙ) 2 ක් අතර විද්‍යුත් ධාරාවක් ගමන් කරන වෙලාවට මාධ්‍යය මගින් ඇතිකරන විද්‍යුත් ප්‍රතිරෝධය තමයි ඒ මාධ්‍යයේ ප්‍රතිරෝධකතාව කියල කියන්නෙ. මේකෙ ඒකක අපි කලින් කියපු සූත්‍රයෙන් ලබාගන්නත් පුලුවන්.
ඒකකය තමයි "ඕම් මීටර".
විද්‍යුත් සන්නායකතාවය
මේක ඉතින් හිතලත් කියන්න පුලුවන්. සන්නායකතාවය කියන්නෙ ප්‍රතිරෝධකතාවයේ පරස්පරයට. මේකෙ ඒකකත් ඉතින් සන්නායකතාවයේ ඒකක වල පරස්පරය තමයි.
ඔන්න ඊළඟට අපිට මේ ප්‍රතිරෝධය ගැන කතාකරද්දි කියන්න ඕන දේ තමයි මේ ජූල්ගේ තාපන ඵලය පිළිබඳ නියමය.
ජූල්ගේ තාපන ඵලය පිළිබඳ නියමය
මේකෙදි වෙන්නෙ, මොකක් හරි සන්නායක මාධ්‍යයක ධාරා වාහක ගමන් කරන වෙලාවට ගැටීම් ඇති වෙනවනේ. ඒකනෙ අපි ප්‍රතිරෝධයක් තියනව කියල කියන්නෙ. ඔන්න ඔය ගැටීම් සිද්ධ වෙද්දි වාහක තියන ශක්තිය හානි වෙනව. හානි වෙන්නෙ තාප ශක්තිය විදිහට. මේ තාපයට අපි ජූල් තාපය කියලත් කියනව. මේ තාප ශක්තිය හොයන්න අපිට සමීකරණයකුත් තියනව. ඒ තමයි මේක.
ඕකෙ I කියන්න් ධාරාව, R කියන්නෙ අදාළ ප්‍රතිරෝධය.
හැබැයි මේ සමීකරණය දාන්න පුලුවන් තාපය විදිහට විතරක් ශක්තිය හානි වෙන උපකරණ වලට විතරයි. ඒ කිව්වෙ අයන් එකක්, වතුර හීටරයක් වගේ දේවල්. සූත්‍රිකා බල්බයකට මේ සමීකරණය දාන්න බෑ. දැන් ඔයාලට එන ප්‍රශ්නෙ තමයි ඒ වගේ වෙනත් ශක්ති ප්‍රභේද වලින් ශක්තිය හානි වෙන උපකරණ වලට මේක දැම්මොත් එන උත්තරේ මොකක්ද කියල. උත්තරයක් නම් එනව. හැබැයි ඒ එන්නෙ ඒ උපකරණය ලබාදුන්න මුළු ශක්තිය. එතකොට සූත්‍රිකා බල්බයකට මේක දැම්මොත් එන උත්තරේ සමානයි ආලෝක ශක්තිය + තාප ශක්තිය. ඒත් මේ සමීකරණය ඒ වගේ විද්‍යුත් උපකරණ වලට දාන්නෙ නෑ. දාල වැඩකුත් නෑ. දාන්නත් එපා.😀
(ආ තව පොඩී දෙයක් කියන්න තියනවා. අර අපි කලින් ප්‍රතිරෝධයේ ඒකක මූලික ඒකක වලින් ගත්ත නේද? ඒ ගත්තෙ මේ සමීකරණයෙන්. ඒ ඒකක සංයෝජනයෙන් ප්‍රතිරෝධයේ ඒකකයත් පොඩ්ඩක් මතක තියාගන්න. බහුවරණ වලට අහන්න පුලුවන්)
හැබැයි ඔයාලට කිසිම ප්‍රශ්නයක් නැතුව අයන් එකකට වගේ මේක දාන්න පුලුවන්.
දැන් ඔයාලට හිතෙයි මේ රෙදි මදින එකකට සමීකරණ දාල උත්තර ගන්න අපිට පිස්සුද කියල.. නෑ නෑ. ඕව ගනන් ඇතුළට දාල ලස්සනට දෙනව විභාගෙදි. ඉතින් මේ උසස් පෙළ විභාගය පහසුවෙන්ව ජයග්‍රහණය කරන්න නම් ඔයාලට මේ වගේ පැහැදිළි නිරවුල් දැනුමක් අනිවාර්යයෙන් තියෙන්න ඕනෙ.
ඔන්න එහෙනම් අපි ප්‍රතිරෝධයට අදාළ කරුණු සේරම ගොඩක් පැහැදිළිව ඔයාලට කියල දුන්න. ඒ වගේම ඔයාලට මේ සම්බන්ධව මොකක් හරි ගැටළුවක් තියනවනම් පහළින් තියන comment section එකේ comment එකක් දාන්න. ඒ වගේම මේ වැඩේ ගුණ දොස්, ඔයාලා මේකෙන් මොනවහරි ඉගෙන ගන්නවනම්, ඒ ගැන ඔයාලගෙ අදහසුත් කමෙන්ට් කරන්න. අපිට තියන එකම ශක්තිය ඔයාලගෙ අදහස් තමයි.
ඔන්න එහෙනම් ඊළඟ පාඩම් කොටසින් අපි හමුවෙමු.
Subscribe to:
Post Comments (Atom)
පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න අද අපි පටන් ගන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා වලට අත්‍යවශ්‍ය වෙන ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව. ඉතින්...
-
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න, අපි අද පටන් ගන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. ඒ තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. මේක අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ අ...








ඇයි හීටරේට H=IR^2 සමීකරණය දාන්න බැරි
ReplyDeleteහීටරේට H=I2R දාන්න පුලුවන්.
ReplyDelete