මේ පාඩම අපිට මූලික කොටස් 4 ක් යටතේ ඉගෙන ගන්න පුලුවන්.
- ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප
- විද්‍යුත් ප්‍රතිරෝධක
- රසායනික කෝෂ
- විද්‍යුත් මිනුම් උපකරණ
මේ මූලික සංකල්ප කොටසෙදි කරන්නෙ අපි , ධාරා විද්‍යුතයේ දි අපි යොදාගන්න රාශි ගැන ඉගෙන ගන්න එක. ඒ වගේම මේ මූලික සංකල්ප කොටසෙන් තමයි ධාරා විද්‍යුතය පාඩමට පදනම වැටෙන්නෙ. ඒ කිව්වෙ, ධාරා විද්‍යුතය හරියට ලේසියෙන් ඉගෙන ගන්නනම් ඔයාල මේ මූලික සංකල්ප ටික හරියටම ඉගෙන ගන්න ඕනෙ. අපි දැන් මුලින්ම ඉගෙන ගමු විද්‍යුත් ධාරාව කියන එක ගැන.
විද්‍යුත් ධාරාව
මේ විද්‍යුත් ධාරාව කියන එක මූලික භෞතික රාශියක් කියල දන්නවනේ. ඉතින් ඒකට තවදුරටත් අර්ථ දැක්වීමක් කියන්න බෑ. අපිට ධාරාව ගැන කියන්න පුලුවන් දේ තමයි , මේ ධාරාව ඇතිවෙන හැටි. ධාරාව ඇතිවෙන්නෙ ආරෝපණ ගමන් කිරීම නිසා. ඒහෙමනම් අපිට පුලුවන් වෙන්න ඕනෙ ආරෝපණ ආශ්රයෙන් විද්‍යුත් ධාරාව ප්‍රකාශ කරන්න. ඔව් එහෙම පුලුවන්. සරලවම කිව්වොත් ධාරාව කියන්නෙ ආරෝපණ් ගැලීමේ සීග්‍රතාවයට. එතකොට අපිට ධාරාවට මේ වගේ ප්රකාශනයක් ගන්න පුලුවන්.
ඔය ප්රකාශනය ඔය වගේ සරලව ලිව්වට ඕක වලංගු වෙන්නෙ ආරෝපණ ඒකාකාර සීග්‍රතාවයකින් ගමන් කරනවනම් විතරයි. ඒත් උසස් පෙළ භෞතික විද්යාවෙදිනම් හැමවෙලේම ආරෝපණ යන්නෙ ඒකාකාර සීග්‍රතාවයකින් තමයි.😀 ඒක නිසා ප්‍රශ්නයක් නෑ. නමුත් විද්‍යුතය සම්බන්ධව ඉහළට අධ්‍යයනය කරනවනම් ඔය සමීකරණය වලංගු නෑ. එත්කොට මේ විදිහට තමයි ඕක ලියන්න ඕනෙ.
ගණිතය කරන අයනම් මේ ගැන දන්නවනේ. එතකොට මේ ධාරාව දෛශිකද අදිශද කියල ප්‍රශ්නයක් එනව. ධාරාව ඇත්තටම කිව්වොත් දෛශිකයකුත් නෙවෙයි අදිශයකුත් නෙවෙයි. එහෙනම් මොකක්ද ? මේ වගේ දෛශික ගුණ හා අදිශ ගුණ දෙකම තියන රාශි වලට ටෙන්සර් කියලත් කියනව. ඒත් අපි ඒක ගැන ඉගෙන ගන්නෙ නෑනෙ මේ සිලබස් එකේ. ඒ හින්ද ඔයාල ධාරාව කියන්නෙ දෛශිකයක් නෙවෙයි කියල මතක තියාගන්න. අදිශයක් කියල කිව්වොත් ඒක එච්චර සාධාරණ නෑ. ඉතින් ඔන්න අපි මූලිකවම ධාරාව කියන රාශිය ගැන දැනගත්ත.
ඔයාල O/L කාලෙ ඉගෙන ගන්න ඇතිනෙ මේ සම්මත ධාරාව සහ ඉලෙක්ට්‍රෝන ධාරාව කියල දෙකක් ගැන. වැරදියට වටහාගන්න එපා. නම් දෙකක් කිව්වට ධාරා 2 ක් නෑ. ඕකෙදි වෙලා තියෙන්නෙ එකම ධාරාව, වාහක වර්ග දෙකකින් හඳුන්වල තියන එක. මෙන්න මේ කියන එක හොඳට තේරුම් ගන්න. ධාරාව ගලන්නෙ ඍණ ආරෝපණ වලින්නම් ඒ ආරෝපණ ගලන දිශාවට ප්රතිවිරුද්ධව තමයි ධාරාව තියෙන්නෙ. ධාරාව ගලන්නෙ ධන ආරෝපණ වලින්නම් ඒ ආරෝපණ ගලන දිශාවටම තමයි ධාරාව ගලන්නෙ. එතකොට මේ + ආරෝපණ වලින් ඇතිවෙන ධාරාවට සම්මත ධාරාව කියලත් කියන්න පුලුවන්. මේකෙන් අවබෝධ කරගන්න ඕන වැදගත්ම කරුණ තමයි මොන ආරෝපණ වාහක වර්ගයෙන් ධරාව ඇතිඋනත් විද්‍යුත් ධාරාව පවතින්නෙ එකම දිශාවකට කියන එක. බලන්න මේ රූපසටහන.

ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නෙ ධාරාව ගලායන දිශාව ආවර්තීයව, (ඒ කියන්නෙ නැවත නැවත නොකඩවා කියන එක) වෙනස් වෙනවනම් අන්න ඒක ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ තියෙන්නෙ කාලය සමග සයිනාකාරව විචලනය වන ප්‍රත්‍යාවර්ත ධාරාවක්.
මේකෙ හැඩ විවිධ ඒව තියනව. අවශ්‍ය වෙන්නෙ කාලය සමග දිශාව වෙනස් වෙන එකයි, ආවර්තීයව විචලනය වෙන එකයි. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ඉහළම අගයට කියනව කුළු ධාරාව් කියන නම.
ඔන්න අපි දැන් ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප වලින් ධාරාව කියන එක ගැන කතා කරල ඉවරයි. අපි ඊළඟ කොටසෙන් මේ පාඩමේ ඉදිරි කොටස් සාකච්ඡා කරමු.

හරි ඊළඟට අපි කතා කරන්න ඕනෙ මේ ධාරා ඝනත්වය ගැන. මේක සරල දෙයක්. ධාරා ඝනත්වය කියන්නෙ විද්‍යුත් ධාරාවක් ගලාගෙන යනකොට ඒ ධාරාවට ලම්භකව පවතින ඒකීය ක්ෂේත්රඵලයක් හරහා ගමන් කරන විද්‍යුත් ධාරාව ට. මේක නිරූපණය කරන්නෙ J සංකේතයෙන්.
J = I/A
ධාරාව ගැන අපිට සාකච්ඡා කරන්න තියන අනිත් කරුණ තමයි සරල හා ප්‍රත්‍යාවර්ත ධාරා කියන එක.
සරල ධාරාවක් කියන්නෙ විද්‍යුත් ධාරාවක් පවතින වෙලාවට ඒකෙ දිශාව කාලය සමග වෙනස් වෙන්නෙ නැත්තන් අන්න ඒක සරල ධාරවක්. සරල ධාරාවක් කාලය සමග විචලනය වෙන්නෙ මේ වගේ.
ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නෙ ධාරාව ගලායන දිශාව ආවර්තීයව, (ඒ කියන්නෙ නැවත නැවත නොකඩවා කියන එක) වෙනස් වෙනවනම් අන්න ඒක ප්‍රත්‍යාවර්ත ධාරාවක්. මේ තියෙන්නෙ කාලය සමග සයිනාකාරව විචලනය වන ප්‍රත්‍යාවර්ත ධාරාවක්.
මේකෙ හැඩ විවිධ ඒව තියනව. අවශ්‍ය වෙන්නෙ කාලය සමග දිශාව වෙනස් වෙන එකයි, ආවර්තීයව විචලනය වෙන එකයි. මේ ප්‍රත්‍යාවර්ත ධාරාවේ ඉහළම අගයට කියනව කුළු ධාරාව් කියන නම.
ඔන්න අපි දැන් ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප වලින් ධාරාව කියන එක ගැන කතා කරල ඉවරයි. අපි ඊළඟ කොටසෙන් මේ පාඩමේ ඉදිරි කොටස් සාකච්ඡා කරමු.

No comments:
Post a Comment