අපි කලින් ලිපියෙන් කතාකළා තාප විකිරණ හැඳින්වීම සහ ලෙස්ලි ඝනකය ගැන. කවුරුහරි ඒක කියෙව්වෙ නැත්තන් මෙතනින් ගිහිල්ල ඒක කියවන්න.
ඉතින් ඔන්න අද අපි කතාකරන්න යන්නෙ ක්‍ෘෂ්ණ වස්තු විකිරණය කියන දේ ගැන.
ක්‍ෘෂ්ණ වස්තු විකිරණය ( Blackbody Radiation )
මොකක්ද මේ ක්‍ෘෂ්ණ වස්තුවක් කියන්නෙ? පළවෙනි පාරට මේ පාඩම ඉගෙනගන්නවනම් ඔයාලට ක්‍ෘෂ්ණ වස්තුවක් ගැන කිසිම අදහසක් නැතුව ඇති. පොඩ්ඩක්වත් බය වෙන්න එපා. අපි ඔයාලට සියලුම සිද්ධාන්ත ගොඩක් පැහැදිළිව තේරුම් කරනවනෙ.
ක්‍ෘෂ්ණ වස්තුවක් කිව්වොත් සරලවම කළු පාට වස්තුවක්. අපි සාමාන්‍යයෙන් දන්නව මොකක් හරි වස්තුවක් අපිට කොළ පාටට පේනවනම් ඒ වස්තුව ද්‍ෘෂ්‍ය වර්ණාවලියෙ කොළ පාට හැර ඉතිරි සේරම පාටවල් අවශෝෂණය කරන්වනෙ. ඒකයි අපිට ඒක කොළ පාටට පේන්නෙ. එතකොට සුදු පාටට පේන්නෙ සියලුම අලෝක කිරණ පරාවර්තනය කරනවනම්. ඇයි ඉතින් සූර්‍යාලෝකයත් සුදුයි. ඒකෙත් තියෙන්නෙ වර්ණ 7ක සංයෝජනයක්නෙ. ඒ කිව්වෙ සුදු පාටෙ ද්‍ෘෂ්‍ය වර්ණාවලියම හැංගිලා තියනව.
එතකොට මොකක් හරි වස්තුවක් අපිට කළු පාටට පේන්නෙ කොහොමද? දැන් ඔයාලට තේරෙන්න ඕනෙ ඇයි කියල. කළු පාටට ඒක පේන්නෙ සේරම පාටවල් ටික අවශෝෂණය කරන නිසා. හැබැයි දැන් හිතන්න ඔයාලගෙ කොණ්ඩෙ කළු පාටයි. ඒත් ඒක සමහර වෙලාවට දිලිසෙනව. හොඳට පේනව. ඒ කියන්නෙ ඒක කළු උනාට ඇතැම් වර්ණ පරාවර්තනය කරනව. හිතන්න කළු පාට කාර් එකක්. ඒකත් අපිට පේනවනෙ. ඒකෙත් වෙන්නෙ සියලුම වර්ණ වගේ අවශෝෂණය කරල සුළු ප්‍රමාණයක් පරාවර්තනය කරනව. එතකොට ක්‍ෘෂ්ණ වස්තු කියන්නෙ කළු පාට වස්තු වලට නෙවෙයිද? කළු පාට වස්තු වලටත් ක්‍ෘෂ්ණ වස්තු කියනව. හැබැයි ඒ වස්තුව මත පතනය වෙන සියලුම තරංග ආයාම වලට අයත් කිරණ ( අපි දන්නෙ ද්‍ෘෂ්‍ය වර්ණාවලියෙ සේරම වර්ණ අවශෝෂණය කරනව කියලනෙ. අව්ලක් නෑ. හැබැයි මතක තියාගන්න පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක් නම් සියලුම තරංග ආයාම වලට අයත් විකිරණ අවශෝෂණය කරනව. එතකොට අපිට එදිනෙදා ජීවිතයෙදි පූර්ණ ක්‍ෘෂ්ණ වස්තු හම්බෙන්නෙ නැද්ද? ඇත්තටම කිව්වොත් නෑ. ඔයාල දන්නවද මැට් බ්ලැක් කියන පාට. අන්න ඒක ටිකක් විතර හොඳ ක්‍ෘෂ්ණ වස්තුවක්. හැබැයි ඒකත් සමහර ආලෝක කිරණ පරාවර්තනය කරනව. පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක අපිට හැඩතල මොකුත් පේන්නෙ නෑ. ඒ කිව්වෙ පූර්ණ ක්‍ෘෂ්ණ ද්‍රව්‍යයකින් පිළිමයක් හැදුව කියල හිතන්නකෝ. එතකොට අපිට ඒ පිළිමෙ හැඩතල කිසිම දෙයක් පේන්නෙ නෑ. බාහිර සීමාව විතරයි පේන්නෙ. පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවකට ඉතින් ටෝච් එකක් ගැහුවත් පේන්නෙ නෑ.😂
එතකොට ලෝකෙ කොහෙවත්ම නැද්ද පූර්ණ ක්‍ෘෂ්ණ වස්තුවක්. තියනව. ඒ තමයි කලු කුහර කියන ජාතිය. කලු කුහර ගැන දැන් කියන්න ගියොත් අපිට පාඩම කරන්න වෙන්නෙ නෑ. අපි වෙනත් ලිපියකින් ඕනෙනම් කලු කුහර ගැන කතා කරමු. කලු කුහරනම් පූර්ණ ක්‍ෘෂ්ණයි. දැකල නැත්තන් බලාගන්න කලු කුහරයක් මේ වගේ.
ඉතින් පොදුවෙ කළු පාට වස්තු වලට අපිට කියන්න පුලුවන් ක්‍ෘෂ්ණ වස්තු කියල. හැබැයි පූර්ණ ක්‍ෘෂ්ණ නම් නෑ.
මං පොඩි ප්‍රැක්ටිකල් එකක් කියන්නම්, ඕනෙනම් කරල බලන්න.
දවල් හොඳට අව්ව තියන වෙලේක සුදු මේස් එකකුයි, කළු මේස් එකකුයි ගන්න. දැන් යන්න එළියට. ඔය මේස් දෙක අත් දෙකට දාල අත් දෙක අව්වට අල්ලන් ඉන්න. එතකොට ඔයාට තේරෙයි කළු පාට වස්තු වල කිරණ අවශෝෂණය කරන හැටි. ඒ කිව්වෙ කළු මේස් එක දාපු අත රත් වෙනව. සුදු මේස් එක දාපු අතට වඩා. ඔන්න එහෙනම් කරල බලන්නකො.
ඉතින් අපිට පූර්ණ ක්‍ෘෂ්ණ වස්තු නෑනෙ අතට අරන් බලන්න. ඒත් විද්‍යාගරෙ හදල තියනව පොඩි බඩුවක්. අන්න ඒක ක්‍ෘෂ්ණ වස්තුවක් විදිහට ගන්න පුලුවන්. හැබැයි ක්‍ෘෂ්ණ වස්තුව වෙන්නෙ ඒකෙ තියන සිදුරක් විතරයි.😀
මේ තියෙන්නෙ ඒ item එක.
ඔය උඩින් තියන රූපෙ තියෙන්නෙ ඇත්ත එකක්. පහළ රූපෙ සරලව පෙන්නල තියෙන්නෙ ඒක ඇතුළෙ වෙන දේ. පහළ රූපෙ සිදුරට විරුද්ධ පැත්තෙ ගැට්ටක් වගේ එකක් තියනවනෙ. ඒක තියෙන්නෙ ඇතුල් බිත්තියට ලම්භකව එන කිරණ සිදුරෙන් ආපහු එළියට යන එක වලක්වන්න. කිරණ එළියට ගියොත් සේරම කිරණ අවශෝෂණය කරා වෙන්නෙ නෑනෙ.
ඉතින් අපි දැනට කතාකළේ ක්‍ෘෂ්ණ වස්තු විකිරණය ගැන. මේක මේ සම්බන්ධව ආරම්භය විතරයි. තව තියනව ස්ටෙෆාන් නියමය, තීව්‍රතා ව්‍යාප්තිය වගේ ගොඩක් දේවල් කතාකරන්න. ඉතින් ඒවත් එක්ක අපි ඊළඟ ලිපියෙන් හමුවෙමු.
ඔයාලට මොනොවහරි ප්‍රශ්න තියනවනම් අනිවාර්‍යයෙන් පහළින් comment කරන්න. ඒ වගේම ඔයාලගෙ අදහසුත් පහළින් comment කරන්න.
අපේ facebook page එකට like කරන්න. එතකොට අපි අලුත් ලිපියක් දාපු ගමන් ඔයාට දැනගන්න පුලුවන්. ඔයා facebook නැත්නම් අපේ blog එක subscribe කරන්න. subscribe button එක බ්ලොග් එකේ උඩ ඇති.
එහෙනම් අපි ඊළඟ ලිපියෙන් ස්ටෙෆාන් නියමය ගැන කතා කරමු.




No comments:
Post a Comment