අද අපි කතා කරන්නෙ තාප විකිරණ වල ගුණ ගැන. මේ ටික දැනගෙන හිටියොත් හොඳ නිසා තමයි කියල දෙන්න හිතුවෙ.
අපි කිව්වනෙ මේ තාප විකිරණ කියන්නෙ විද්‍යුත් චුම්භක වර්ණාවලියෙ අධෝරක්ත කලාපයෙ තියන කිරණ විශේෂයක් කියල. ඉතින් මේ තාප විකිරණ වලටත් විද්‍යුත් චුම්භක තරංග වලට තියන ගුණ එහෙම්මම තියනව. මේව ඔයාල දන්නවත් ඇති.
අපි බලමු මේ ගුණ මොනවද කියල.
- දැන් අපි කිව්වනෙ තාප විකිරණ කියන්නෙ විද්‍යුත් චුම්භක තරංග විශේෂයක් කියල. එහෙනම් මේව ප්‍රචාරණය වෙන්නෙ කොහොමද? මේව ප්‍රචාරණය වෙන්නෙ තීර්යක් තරංග විදිහට. (දෝලන හා තරංග පාඩමේදි අපි මේ තීර්යක් තරංග ගැන සවිස්තරාත්මකව සාකච්ඡා කරමු.) සරලව කිව්වොත් තීර්යක් තරංග කියන්නෙ තරංගයක් ප්‍රචාරණය වන දිශාවට ලම්භක දිශා 2 කට විද්‍යුත් හා චුම්භක ක්ශේත්‍ර කම්පනය වෙනව. ඔයාල අහල තියනවනෙ නිදහස් මාධ්‍යයකදි , නැත්තන් රික්තයකදි විද්‍යුත් චුම්භක තරංග ප්‍රචාරාණය වෙන්නෙ 3 × 10⁸ m s -¹ වේගයකින් කියල ඔයාල දන්නවනෙ. ඔය වේගයේ ඔය අගය ගන්න චුම්භක ක්ශේත්‍රයයි, විද්‍යුත් ක්ශේත්‍රයයි 2 ම බලපානව. ඒ වේගය ලැබෙන්න සමීකරණෙකුත් තියනව. බලන්නකො මේක.
ඔය සමීකරණෙ "එප්සයිලන් නෝට්" කියල තියෙන්නෙ නිදහස් මාධ්‍යයේ පාරවේද්‍යතාවය. එතකොට "මියු නෝට්" කියල තියෙන්නෙ නිදහස් මාධ්‍යයේ පාරගම්‍යතාව. පාරගම්‍යතාව තියෙන්නෙ චුම්භක වලදි, පාරවේද්‍යතාව තියෙන්නෙ විද්‍යුත් ක්ශේත්‍ර වලදි. තේරෙනව නේද විද්‍යුත් චුම්භක තරංග වල වේගයට විද්‍යුත් ක්ශේත්‍ර, චුම්භක ක්ශේත්‍ර වල බලපෑමක් තියනව කියල. එතකොට ඕකෙන් 3 × 10⁸ m s -¹ විදිහට ප්‍රචාරණ වේගෙ එනවද.? ඔව් එනව. පහළ අගයන් ආදේශ කරල ඕනෙනම් බලන්න.
2. ඊළඟ එක තමයි මේ තාප විකිරණ වලට බාහිර චුම්භක , විද්‍යුත් ක්ශේත්‍ර වල බලපෑමක් ඇති වෙන්නෙ නෑ. (මේකත් විද්‍යුත් චුම්භක තරංග වල ගුණයක්.)
3. ඊළඟ එක තාප විකිරණ ප්‍රචාරණය වෙන්න මාධ්‍යයක් ඕනෙ නෑ. මාධ්‍යයක් තිබ්බත් ඒක ඕනෙ වෙන්නෙ නෑ ප්‍රචාරණය වෙන්න.
4. තාප විකිරණ පරාවර්තනය වර්තනය විවර්තනය කියන සේරම තරංග ගුණ පෙන්නනව. වර්තනයයි පරාවර්තනයයි නම් විද්‍යාගාරයෙදි අපිට කරල බලන්නත් පුලුවන්.
මේකෙ තාප විකිරණ පිටකරන්න ප්‍රභවයක් එපැයි. ඒකට ගන්නෙ රක්ත තප්ත වෙනකන් (තැඹිලි පාට වෙනකන්) රත්කරපු යකඩ බෝලයක්. ඊට පස්සෙ ඒක විකිරණ කදම්භයක් ගන්න බටයක් ඉස්සරහින් තියල බටේ අනිත් පැත්තෙ සුමට ඔප දාපු (ඒ කිව්වෙ දිලිසෙන) තහඩුවක් තියල අනිත් පැත්තෙ අනාවරකයක් තියල අපිට බලන්න පුලුවන් පරාවර්තනය වෙන හැටි. වර්තනය බලන්න ඔය කදම්භය ප්‍රිස්මයකින් යැව්වනම් හරි.
5. තාප විකිරණ වලට පුලුවන් ප්‍ෘෂ්ඨ තුළින් ඉවතට යන්නත් ප්‍ෘෂ්ඨ තුළට යන්නත්. ඒක ඉතින් දන්නවනේ. ඔප දාපු හොඳට දිලිසෙන ප්‍ෘෂ්ඨයක්නම් සේරම තාප විකිරණ පරාවර්තනය කරනව.
සුදු පාට ප්‍ෘෂ්ඨයක්නම් තාප විකිරණ චුට්ටක් අවශෝෂණය කරල ඉතිරි සේරම පරාවර්තනය කරනව.
කළු ප්‍ෘෂ්ඨයකින්නම් සේරම තාප විකිරණ අවශෝෂණය කරනව. මතකනෙ මේස් එකේ කතාව.(දන්නැත්තන් කලින් ලිපි බලන්න)
ඉතින් ඔය ටික තමයි තාප විකිරණ ගැන කියන්න තියන වදගත් කරුණු ටික. තාප විකිරණ වලට ගොඩක් තියෙන්නෙ විද්‍යුත් චුම්භක තරංග වල ලක්ෂ්ණ කියල දැන් පැහැදිළියි නේද?
අපි එහෙනම් මේ පාඩමේ ඊළඟ කොටසින් හමුවෙමු.
ඔයාලගෙ අදහස් , ගැටළු , පහළින් comment කරන්න.





No comments:
Post a Comment