ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා කළා. මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන කොටස. කවුරුහරි ඉන්නවනම් තාප විකිරණය ගැන අපි කලින් සාකච්ඡා කරපු ලිපි කියවපු නැති මෙතනින් ගිහිල්ලා ඒවා කියවන්න. අපි එහෙනම් දැන් අද පාඩමට යමු.
අපි කලින් කිව්වනෙ අද අපි සාකච්ඡා කරන්න යන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන කොටස කියලා. ඔයාල පලවෙනි වතාවට මේ පාඩම ඉගෙන ගන්නවනම් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන දේ ගැන කිසිම අදහසක් ඕගොල්ලන්ට නැතුව ඇති. හැබැයි පොඩ්ඩක් වත් බය වෙන්න එපා. අපි සේරම ලස්සනට පැහැදිලිව කියලා දෙනවා. එහෙනම් අපි වැඩේ පටන් ගමු.
මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන සංසිද්ධිය විද්‍යාත්මක පර්යේෂණ වල අතුරු ඵලයක් විදිහට හොයාගත්ත දෙයක්. අතුරු ඵලයක් කියල කිව්වෙ , මේ පර්යේෂණ කරලා තියෙන්නේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන එක හොයා ගන්න නෙවෙයි. වෙන වෙන සිදුවීම් වලට කරපු පරීක්ෂණ වලදී අහම්බෙන් හම්බ වෙච්ච දෙයක් තමයි මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන්නෙ.
1800 ගනන් වල හිටිය ස්කොට්ලන්ත ජාතික විද්‍යාඥයෙක් ජේම්ස් ක්ලාක් මැක්ස්වෙල් කියලා. මේ විද්‍යාඥය විද්‍යුත් චුම්බක තරංග ගැන කරුණු ගොඩක් හොයාගත්තා 1860 අවුරුද්දෙදි.
ඉතින් මේ maxwell කියන විද්‍යාඥයා විද්‍යුත් චුම්බක තරංග ගැන කරුණු ගොඩක් හොයා ගත්තට පස්සේ 1887 දි Heinrich Hertz කියල විද්‍යාඥයෙක් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන සංසිද්ධිය නිරීක්ෂණය කරා. බය වෙන්න එපා , ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන කියල දෙනව හොඳේ.😀.
ප්‍රකාශ විද්‍යුත් ආචරණය ගැන ගොඩක් පරීක්ෂණ කළේ පිලිප් ලෙනාර්ඩ් කියල විද්‍යාඥයෙක්. ඒ 1902 අවුරුද්දේ. මෙයාට මේ පරීක්ෂණ වලට 1905 දී නොබෙල් තෑග්ගත් ලැබුණා. මේව කිව්වෙ නිකන් සාමාන්‍ය දැනීමට විතරයි හොඳේ. මේව විභාගෙට අහන්නෙ නෑ. ඒත් අපි පාඩමක් ඉගෙන ගනිද්දි ඒ පාඩමේ පසුබිම ගැනත් අවබෝධයක් තියාගන්න එක වැදගත් නේ. ඒකයි මම මේ විස්තර ටික කිව්වෙ. හරි, අපි එහෙනම් පාඩමේ වැදගත් කොටස් වලට යමු.
මුලින්ම අපි බලමු ස්වර්ණ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයක් මගින් කොහොමද මේ මෙන් ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන සංසිද්ධිය පෙන්නන්නෙ කියලා.
මේකෙදි වෙන්නේ අපි ගන්නවා සෘණ ආරෝපිත ස්වර්ණ පත්‍ර දර්ශකයක්. ඊට පස්සේ මොකක් හරි විද්යුත් චුම්භක විද්‍යුත් චුම්භක තරංගයක් මේ ස්වර්ණ පත්‍ර දර්ශකය මත පතනය වීමට සලස්වනවා. එතකොට පේනවා මේ විද්‍යුත් විද්‍යුත් චුම්බක තරංග වැඩීම නිසා සරණ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේ උත්ක්‍රමණය අඩුවෙනවා කියලා. (ඔයාලා ස්ථිති විද්‍යුත් චිත්‍ර සම්බන්ධව අපි ලියපු මූලික කරුණු සම්බන්ධ ලිපිය කියෙව්වොත් ඔයාලට ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ගැන අපහැදිලි තැන් තේරුම් ගන්න පුළුවන් වෙයි. ඕනිනම් මෙතනින් ගිහින් ඒක කියවලා ඉන්නකෝ.) විද්‍යාඥයන්ට හරිම පුදුමයි. මොකද උත්ක්‍රමණය වෙනස් වෙන්න නම් ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය අසලට මොකක් හරි මොකක්හරි ආරෝපිත වස්තුවක් ගේන්න එපැයි. ඒ වුණාට දැන් මෙතන කිසිම ආරෝපිත වස්තුවක් ගෙනාවේ නැහැ. සිද්ධ වුණ එකම දේ තමයි ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය මතට විද්යුත් චුම්භක විද්‍යුත් චුම්බක තරංග පතනය වෙච්ච එක.
ඉතිං මෙහෙම වෙද්දි විද්‍යාඥයන්ට තේරුණා මෙතැනදී උත්ක්‍රමණය අඩු වෙන්නේ ඍණ ආරෝපණ ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයෙන් ඉවත් වෙලා කියලා.
ඍණ ආරෝපණ ස්වර්ණ ස්වර්ණ පත්‍ර දර්ශකයෙන් ඉවත් වෙනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකය ඉවත් වෙනවා කියලා මේගොල්ලෝ නිගමනය කරා. ඔන්න ඊට පස්සෙ තමයි මේ මේ ගොල්ලෝ මේ වැඩේ හරිද කියලා බලන්න ඇටවුමක් සකස් කරේ.
එහෙනම් දැන් අපි බලමු මොකක්ද ඒ ඇටවුම , කොහොමද ඒකෙන් පරීක්ෂණාත්මකව මේක තහවුරු කරන්නේ කියලා.
මේකට පාවිච්චි කරන ඇටවුම මේ වගේ එකක්.
මුලින්ම මෙයාලා කරේ කැතෝඩයට විද්‍යුත් චුම්බක තරංග පතනය කරපු එක. ඒ කිව්වෙ ඍණ අග්‍රය සම්බන්ධ තහඩුවට තමයි මුලින්ම විද්‍යුත් චුම්බක තරංග පතනය වෙන්න සැලසුවේ.
මේ ඇටවුමේ තියෙන වැදගත් කරුණ තමයි මේ නලය ඇතුලෙ කිසිම දෙයක් නෑ. ඒ කියන්නේ නලය ඇතුලේ ඇතුලෙ තියෙන්නෙ රික්තකයක්. කිසිම වායුවක් අඩංගු වෙන්නේ නෑ. ඇතුලේ එළියක් නං තියෙන්නේ කිසිම විදියක් නෑනේ ඔතන තියෙන micro ඇමීටරයේ පාඨාංකය පෙන්නන්න. ඒත් කොහොම හරි ඒ ඇමීටරයේ පාඨාංකයක් පෙන්නුවා.
ඒ කියන්නේ කිසිම සන්නායකයකින් සම්බන්ධ වෙලා නැති නලය ඇතුලේ ලෝහ තහඩු දෙක අතර මොකක් හරි සන්නායක මාධ්‍යයක් මගින් ධාරාව ගමන් කරවල පරිපථය සංවෘත කරල තියෙනවා. අන්තිමේදී කලින් අර ස්වර්ණ පත්‍ර විද්‍යුත් දර්ශකයේ සිදු වුණ දේ යි,, මේකයි ගැන හිතලා ඒ ගොල්ලො නිගමනය කරා මෙතැනදී විද්‍යුත් චුම්බක වැදෙන කොට ලෝහ තහඩුවෙන් ඉලෙක්ට්‍රෝන ගැලවෙනවා කියලා. අන්න එතකොට මෙතන තියෙන ගැටළුව විසඳෙනවා. එතකොට මෙතන වෙලා තියෙන්නෙ මොකක්ද ඒ ගැලවුණු ඉලෙක්ට්‍රෝන ගමන් කරලා තමයි පරිපථය සංවෘත කරල තියෙන්නෙ. ඔයාලා විද්‍යුත් ක්ෂේත්‍ර ඉගෙනගෙන තියෙනවා නම් දන්නවා විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ ඉලෙක්ට්‍රෝනයක් චලනය වෙනකොට අන්න ඒ ඉලෙක්ට්‍රෝනය මත ඇති වන බලය ගැන. ඉගෙන ගෙන නැතත් අවුලක් නෑ ඔයාලා දැන් දැනගත්තනම් ඇති විද්‍යුත් ක්ෂේත්‍රයක් තුළ ආරෝපිත අංශුවක් තියෙද්දි ඒ ආරෝපිත අංශුව මත බලයක් ඇති වෙනවා කියන එක. ඒක තමයි ඔය උඩ රූපෙ Eq කියලා දාලා තියෙන්නෙ. මොකද ඒ ඇතිවෙන බලය සමාන වෙනවා විද්‍යුත් ක්ෂේත්‍ර තීව්‍රතාවයේත් අදාල ආරෝපණයේත් ගුණිතයට. මේක එච්චර මෙතෙන්ට ඕන වෙන්නෙ නෑ. ඒ හින්ද ඉගෙන ගෙන නැතත් ප්‍රශ්නයක් නෑ .
ඔන්න එහෙනම් දැන් විද්‍යාඥයෝ දන්නවා මෙතනදී කොහොමද ධාරාවක් ඇති උනේ කියලා.ඒ කියන්නේ කොහොමද ඇමීටර පාඨාංක යක් පෙන්නුවෙ කොහොමද කියල. දැන් ඔයාලටත් හොඳටම පැහැදිලියි නේද මෙතැනදි වෙන වැඩේ.
හොඳටම පැහැදිළි නෑ.. මොකද හොඳම ටික අපි තාම කතා කරේ නෑ.. මේකෙ හොඳම හරිය තමයි, කොහොමද මේ ඉලෙක්ට්‍රෝන ගැලවෙන්නෙ , මොනොව මතද මේ ඉලෙක්ටෝන ගැලවෙන එක රඳා පවතින්නෙ කියන දේවල්...
අපි ඊලඟ ලිපියෙන් ඒ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරනවා. මේ ලිපියෙන් තියෙන්නෙ මේ ප්‍රකාශ විද්‍යුත් ආචරණය කියන පාඩමට පිවිසුමක් විතරයි. මේ පාඩමේ ලස්සනම දේවල් ඉගෙන ගන්න දිගටම ඔයාලා අපිත් එක්ක රැඳිලා ඉන්න.
එහෙනම් ඔයාලා කුතුහලයෙන් ඉන්න කොහොමද මේ දේවල් උනේ වුනේ කියලා දැනගන්න. එහෙනම් අපි ඊලඟ ලිපියෙන් මේ දේවල් ගැන සවිස්තරාත්මකව කතා කරමු.
ඉතින් ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න මේ ලිපි share කරන්න. ඔයාලට මේ පාඩම ගැන මොනවා හරි මොනවා හරි ප්‍රශ්න තියෙනවනම් අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් කරන්න. එහෙම කිරීම ඔයාලට ඉක්මනටම ඉගෙන ගන්න ඕන තවත් අමතර පාඩම් තියෙනවා නං නම් ඒවත් comment කරන්න. ඒ පාඩම් ඉතාමත්ම ඉක්මනට සවිස්තරාත්මකව ඔයාලට ලබාදෙන්න ලබා දෙන්න අපි සූදානම්.


















