Saturday, April 6, 2019
යාන්ත්‍ර විද්‍යාව රචනා ප්‍රශ්න අංක 01.
ස්කන්ධය 800kg වන මෝටර් රථයක් 200kg ස්කන්ධයක් සහිත ට්‍රේලරයක් ඇද ගෙන යන්නේ 0.5 m s¯² නියත ත්වරණයකිනි.
1. ඝර්ෂණය මගින් සිදුවන බලපෑම නොසලකා හරිමින් පහත සඳහන් දේවල් ගණනය කරන්න.
a) මෝටර් රථයේ එලවුම් රෝද මගින් මාර්ගය මත ඇති කරනු ලබන බලය.
b) මෝටර් රථය නිශ්චලතාවයේ ගමන් අරඹන යැයි සලකා 4 s ක කාලයක් ගත වන මොහොතේ එහි ක්ෂමතාවය.
c) ට්‍රේලරය මගින් මෝටර් රථය මත ඇති කරනු ලබන බලයේ විශාලත්වය සහ දිශාව.
2. දැන් මෙම මෝටර් රථය ට්‍රේලරය රහිතව 30m s¯¹ නියත ප්‍රවේගයකින් නොසැලකිය හැකි ඝර්ෂණය කින් යුත් තිරස් සෘජු මාර්ගයක ගමන් කරයි. මේ අවස්ථාවේදී අවස්ථාවේදී වාතය මඟින් මෝටර් රථයේ චරිතයට විරුද්ධව ප්‍රතිරෝධී බලයක් ඇති කරයි. මෙම ප්‍රතිරෝධී බලය මෝටර් රථයෙහි 0.50m² ක වර්ගඵලය කින් යුත් රථයෙන් චරිත චලිත දිශාවට අභිලම්බ ව පවතින තල පෘෂ්ඨයක් මත ඇති වේ. පහසුව සඳහා මෙම පෘෂ්ඨය මත පතිත වන වාතයේ වේගය ශූන්‍යයි ද පතිත වීමෙන් පසුව වාතයට මෝටර් රථයේ වේගය ලැබෙන තෙක් ත්වරණය වන්නේ යැයි ද සැලකිය හැක. අනෙකුත් වායු වලින් සිදුවන බලපෑම් සිදු නොවේ යැයි සැලකිය හැක. වාතයේ ඝණත්වය 1.2 kgm¯³ වේ.
a) තත්පරයකදී පෘෂ්ඨය සමඟ ගැටෙන වාත ස්කන්ධය කොපමණද?
b) පෘෂ්ඨය මත ක්‍රියාකරන බලයේ විශාලත්වය සොයන්න.
c) මෙම බලයට එරෙහිව 100km දුර ප්‍රමාණයක දී සිදු කෙරෙන කාර්යය ප්‍රමාණය කොපමණ ද ?
d) මෝටර් රථයේ නියත ප්‍රවේගය පවත්වා ගැනීම සඳහා එහි එන්ජිමේ කාර්යක්ෂමතාව සොයන්න.
3. වාත ප්‍රතිරෝධය මැඩපැවැත්වීම සඳහා මෝටර් රථයේ එන්ජිමේ ප්‍රතිදානයෙන් 15% ක් වැයවේ. මෝටර් රථය 30 ms¯¹ නියත ප්‍රවේගයෙන් ධාවනය කරන විට එහි එන්ජිම පෙට්රල් ලීටරයක් මගින් 40MJ ශක්තියක් නිපදවයි. 100km සිදුරක් ඉහත නියත වේගයෙන් ධාවනය කිරීමට මෝටර් රථයට යෙදිය යුතු පෙට්ට්‍රල් පරිමාව සොයන්න.
4. වාත ප්‍රතිරෝධය සැලකිල්ලට ගත් පසු මෝටර් රථ එන්ජිම ප්‍රතිදාන ප්‍රතිදානයේ ඉතිරි 85% වැය වන්නේ කෙසේද ?
මුලින්ම ඔයාල ඉගෙනගෙන තියෙන දේවල් වලින් මේ ගැටලුව ගැටළුව විසඳන්න. ඊට පස්සේ අපි මේකට සවිස්තරාත්මකව පිළිතුරක් ලබා දෙනවා. එතකොට ඔයාලට කරන්න තියෙන්නේ ඔයා හදපු එකේ උත්තරේ අපේ නිවැරදි සවිස්තරාත්මක විවරණය බලල ඔයාගේ අඩුපාඩු හදාගන්න එක. එහෙනම් අපි මේ ප්‍රශ්නේ විවරණ වලින් හමුවෙමු.
මේ වගේ ප්‍රශ්න දිගටම කරන්න ඔයාලා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න ඒ වගේම ඔයාලගේ යාලුවන්ටත් මේ ප්‍රශ්න දැනගන්න share කරන්න.
පිළිතුරු මෙතනින් ලබාගන්න
Subscribe to:
Post Comments (Atom)
පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න, අපි අද පටන් ගන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. ඒ තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. මේක අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ අ...
-
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න අපි අද කතාකරන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. මේ පාඩම 2017 අලුත් විෂය නිර්දේශයේ 8 වෙනි පාඩම විදිහට තමයි තියෙන්නෙ. සමහර අය නම් කියාව මේ පාඩ...

No comments:
Post a Comment