Wednesday, April 10, 2019

ප්‍රායෝගික පරීක්ෂණ අංක 01 (වර්නියර් කැලිපරය භාවිතය)


ඔන්න අද අපි පටන් ගන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා වලට අත්‍යවශ්‍ය වෙන ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව.

ඉතින් අද අපි ප්‍රායෝගික පරීක්ශණවලින් පළවෙනි එක සාකච්ඡා කරන්න පටන් ගන්නව. ඒක තමයි වර්නියර් කැලිපරය භාවිතය කියන ප්‍රැක්ටිකල් එක. අපි එහෙනම් වැඩි කතා නැතුව පටන් ගමු.

ඔයාලා සාමාන්‍ය පෙළ මට්ටමේ ඉඳලා උසස් පෙළට එද්දී මේ වර්නිය කැලිපරය කියන උපකරණය ගැන අවබෝධයක් නෑ. අපි උපකරණයේ ගැඹුරු දේවල් කතා කරන්න කලින් උපකරණය ගැන පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම්.

මේ වර්නියර් කැලිපරය කියන උපකරණය පාවිච්චි කරන්නේ ගොඩක් ලෝහ උපකරණ නිර්මාණය කරන කට්ටිය. උදාහරණ විදිහට කිව්වොත් ලෝහ පුටු මේස වගේ දේවල්. ඒ වගේම යාන්ත්‍රික දේවල් ඒ කිව්වේ වාහන වාහනවල එන්ජින් ගුවන් යානා එන්ජිම වගේ දේවල් වල වල ඉතා සියුම් කොටස් තියනවනෙ. අන්න ඒවායේ නිවැරදිව මිනුම් ගන්නත් මේ වර්නියර් කැලිපරය කියන එක පාවිච්චි කරනවා.
මේවා ඉතින් සාමාන්‍ය දැනීමට විතරයි. මම නිකන් කිව්වෙ.


අපි දැන් බලමු කොහොමද වර්නියර් කැලිපරයක කොටස් නම්කරන්නෙ කියලා.

අචල බාහුව හා සචල බාහුව

මේ වර්නියර් කැලිපරයේ එක බාහුවක් මත චලනය කරන්න පුළුවන් තවත් බාහුවක් තියෙනවා. ඒ චලනය කරන්න පුළුවන් බාහුවට අපි කියනවා සර්පණ බාහුව කියලා. එතකොට අනිත් බාහුව අචල බාහුව.

බාහිර හනු

වර්නියර් කැලිපරය බාහිර හනු පාවිච්චි කරන්නේ පරීක්ෂණ නලය ක බාහිර විශ්කම්භය විෂ්කම්භය සිලින්ඩරයක පෘෂ්ඨ අතර දුර වගේ මිනුම් ලබා ගන්න. මේවා නිකං උදාහරණ විදිහට කිව්වේ. මොකද අපි lab එකේදි මේ මිනුම් ටික තමයි බාහිර හනු පාවිච්චි කරලා. මේ බාහිර හනු දෙකින් එකක් අයිති වෙන්නේ සර්පණ බාහුවට. අනිත් එක අචල බාහුවට. (මේ සර්පණ බාහුව ට බාහුවට ඕනනං සචල බාහුව කියලා කියන්නත් පුළුවන්.) 


අභ්‍යන්තර හනු

පරීක්ෂණ නලයකට අභ්‍යන්තර විශ්කම්භය, කුඩා වෘත්තාකාර කුහරයක විෂ්කම්භය වගේ මිනුම් ලබා ලබාගන්න තමයි අභ්‍යන්තර හනු පාවිච්චි කරන්නේ. බාහිර හනුවල වගේම අභ්‍යන්තර හනුවලත් එක හනුවක් සචල බාහුවටත් අනිත් බාහුව අචල බාහුවටත් සම්බන්ධ වෙලා තියනව



ගැඹුර මනින කූර

පරීක්ෂණ නලයක ගැඹුර , සමතල පෘෂ්ඨය ඇති සිදුරක ගැඹුර වැනි මිනුම් ලබා ගැනීමට තමයි ගැඹුර මනින කූර පාවිච්චි කරන්නේ.



ප්‍රධාන පරිමාණය

ප්‍රධාන පරිමාණයේ තියෙන්නෙ තියෙන්නෙ අචල බාහුවේ. සාමාන්‍යයෙන් ගොඩක් වැනි කෙළි පළල ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග මිලිමීටර් එකයි. ඒ උනාට සමහර වර්නියර් කැලිපර් වල 0.5 mm ක් දිග ප්‍රධාන පරිමාණ තියනව. හැබැයි කොහෙදි හරි ප්‍රශ්නයක විශේෂයෙන් කියලා නැත්තං ප්‍රධාන පරිමාණයෙ කුඩාම කොටසක දිග, අපි ඒක සලකන්නෙ 1 mm විදිහට.


වර්නියර් පරිමාණය

වර්නියර් පරිමාණය නම් තියෙන්නෙ සර්පණ බාහුවේ. අපි කලින් කිව්වනේ ප්‍රධාන පරිමාණයේ කුඩාම කොටසක දිග ගැන. අපි එකේ නිශ්චිත අගයක් කිව්වා. වර්නියර් පරිමාණය ප්‍රධාන පරිමාණයට වඩා වෙනස් අගයක් තියෙන කුඩාම කොටස් වලින් සමන්විත වෙනවා. ඒ කිව්වේ, අනිවාර්යෙන්ම වර්නියර් කැලිපරයක ප්‍රධාන පරිමාණය කුඩාම කොටසක දිගට වඩා වෙනස් අගයක් තමයි වර්නියර් පරිමාණයේ කුඩාම කොටසක දිගට තියෙන්නේ. හරිනෙ.

ඉස්කුරුප්පුව

ඉස්කුරුප්පුව තියෙන්නෙ අවශ්‍ය අවස්ථාවලදී සර්පණ බාහුව හිර කරලා තියාගන්න. ඒ කිව්වේ අපි මොකක්හරි මැනලා ඒකෙ පාඨාංකය කියව ගන්නකං පාඨාංකය වෙනස් නොවී තියාගන්නෙ මේ ඉස්කුරුප්පුව තදකරල.

අපි දැන් බලමු මේ වර්නියර් මූලධර්මය කියන්නේ මොකක්ද කියලා. 

වර්නියර් මූලධර්මය

වර්නියර මූලධර්මය දී වෙන දේ සරලවම කිව්වොත්, දිග මනින ප්‍රධාන පරිමාණයක් මත සර්පණය කරන්න පුළුවන්, ඒ වගේම ඒ සර්පණය කරන්න පුළුවන් පරිමාණයේ (වර්නියර් පරිමාණය ගැන මේ කියන්නෙ) අනුයාත සළකුණු දෙකක් අතර පරතරය ප්‍රධාන පරිමාණයේ අනුයාත සළකුණු දෙකක් අතර පරතරය ට වඩා වෙනස් පරිමාණයක් පාවිච්චි කරලා ප්‍රධාන පරිමාණයේ කුඩාම මිනුම ට වඩා අඩු කුඩා ම මිනුමක් සහිත දිගක් මිනුම් කරන්න පුළුවන්. මෙන්න මේ මූලධර්මය ට තමයි වර්නියර් මූලධර්මය කියලා කියන්නේ. 
මේ තියෙන්නෙ ඒ වර්නියර් මූලධර්මය තේරුම් ගන්න පුලුවන් රූප සටහනක්.

හිතන්නකෝ ගානකදි අපිට ඕන වෙනවා වර්නියර් කොටසක දිග හොයාගන්න. අපිට අවශ්‍ය දත්ත දීලා තියෙනවනම් පහසුවෙන්ම ම මේක හොයාගන්න ක්‍රමයක් තියෙනවා.
මේ බලන්නකෝ ඒක,

(වර්නියර් බෙදුමක දිග)=(වර්නියරයේ මුළු දිග) / (වනියරයේ කොටස් ගණන)

ගොඩක් වෙලාවට ගැටලුවකදී මේක හොයාගන්න අවශ්‍ය දත්ත දෙන්නෙ ,
වර්නියරය සමපාත වන ප්‍රධාන පරිමාණ කොටස් ගණන සඳහන් කරල.
මේක ඔයාලට හොඳටම තේරෙන්නෙ තේරෙන්නේ ගණනක් හැදුවහම තමයි.

අපි දැන් බලමු මොකක්ද මේ කුඩාම මිනුම කියන්නේ කියලා.

කුඩාම මිනුම

ඇත්තටම කිව්වොත් මේ කුඩාම මිනුම කියන්නේ අපි මිනුම් උපකරණයක් පාවිච්චි කරල ගන්න මිනුමක නිරවද්‍යතාවය පෙන්නන සංකල්පයක්. 
ඒ උනාට වුණාට අපි සාමාන්‍යයෙන් මොකක්හරි මිනුම් උපකරණයක කුඩාම මිනුම කියන්නේ ඒ මිනුම් උපකරණ පාවිච්චි කරලා මිනුම් කරන්න පුළුවන් අඩුම අගය.

පහළ රූපෙ රතු පාටින් පෙන්නලා තියෙන්නේ කුඩාම මිනුම.


අපිට මේ කුඩාම මිනුමේ අගය හොයන්න ක්‍රම දෙකක් තියෙනවා.

ගණනකදී ඔයා හිතලා බලලා මොන ක්‍රමයද පාවිච්චි කරන්න ඕනෙ කියල තෝරගන්න ඕනේ. ඒක මහ ලොකු දෙයක් නෙවෙයි.

පලවෙනි ක්‍රමයෙදි කරන්නෙ මුලින්ම වර්නියර් කොටසක දිග හොයාගන්න එක. ඊට පස්සේ ඒ වර්නියර් කොටසට ආසන්නම වැඩි ප්‍රධාන පරිමාණ අගයෙන් ඒක අඩු කරනව.


උදාහරණයක් විදිහට උඩ තියෙන රූපසටහන ගත්තොත් ඒකෙ වර්නියර් කොටස් 10 ක දිග මිලිමීටර නමයයි. 
එතකොට එක වර්නියර් කොටසක දිග 0.9mm.(මේව පහේ පන්තියෙ ගනන්😂) ඔන්න අපි වර්නියර් පරිමාණයේ කොටසක දිග හොයා ගත්තා. දැන් බලන්න ඒකට ආසන්නම ඊට වැඩි ප්‍රධාන පරිමාණ අගය. ඒක 1 mm. එහෙනම් අපි කියපු විදිහට මේකෙ කුඩාම මිනුම (1-0.9)mm. දැන් තේරුණා නේද?.

අපි දැන් බලමු මේ වර්නියර් කැලිපරයක කුඩාම මිනුම හොයන්න තියෙන දෙවෙනි ක්‍රමය.

මේකෙදි කුඩාම මිනුම හොයන්නේ මේ සම්බන්ධයෙන්.

කුඩාම මිනුම(α)=(ප්‍රධාන පරිමාණයේ කුඩා ම කොටසක දිග) / (වර්නියර් පරිමාණයේ කොටස් ගණන)

දැන් අපි බලමු කොහොමද වර්නිය කැලිපරය පාවිච්චි කරල  පාඨාංක ගන්නෙ කියල.

වර්නියර් කැලිපරය එක කැලිපරයක පරිමාණ දෙකක් තියනවනේ. ඒ හින්දා අපි මේ වර්නිය කැලිපරය පාඨාංකයක් ගද්දි පරිමාණ දෙකම පාවිච්චි කරන්න ඕනේ. අපි දැන් බලමු ඒ පරිමාණ දෙකම පාවිච්චි කරලා කරල කොහොමද පාඨාංකය විදිහට අගයක් ලබාගන්නෙ කියලා.

1. මුලින්ම අපි ප්‍රධාන පරිමාණ පාඨාංකය ගන්න ඕනේ. 
ප්‍රධාන පරිමාණයේ පාඨාංකය කියන්නේ පාඨාංක ලබා ගන්න වෙලාවේ වර්නියර් පරිමාණයේ ආරම්භක ශුන්‍ය සලකුණට පෙර තියන ප්‍රධාන පරිමාණ සලකුණ නිරූපණය කරන අගය. හරි ඔන්න එහෙනම් අපි දැන් ප්‍රධාන පරිමාණයේ පාඨාංකය අරගත්තා.

2. ඊළඟට අපි කරන්න ඕනේ මේ වර්නියර් කැලිපරයේ කුඩාම මිනුම හොයාගන්න එක. කුඩාම මිනුම හොයන හැටි කලින් කියල දුන්නනේ. ඒ හින්දා ඒක දැන් ඔයාලට පුළුවන්.

3. ඊළගට අපි හොයාගන්න ඕනෙ ප්‍රධාන පරිමාණ සලකුණක් එක්ක සමපාත වෙන වර්නියර් පරිමාණ සළකුණ. 
පහල රූපේ බලන්නකෝ ඔයාලට එතකොට මේක හොඳටම පැහැදිලි වෙයි.

ඔය උඩ තියෙන රූප බැලුවහම ඔයාලට ප්‍රධාන පරිමාණ පාඨාංකය හොයාගන්න හැටියි ප්‍රධාන පරිමාණ කොටසක් එක්ක සමපාත වෙන වර්නියර් පරිමාණ කොටස හොයාගන්න හැටියි හොඳට පැහැදිලි වෙනවා.

4. ඊලඟට කරන්න තියෙන්නෙ ප්‍රධාන පරිමාණ කොටස එක්ක සමපාත වෙන වර්නියර් පරිමාණ කොටසේ අගය කුඩාම මිනුමෙන් ගුණ කරන එක.
ඊට පස්සේ ප්‍රධාන පරිමාණ අගයට දැන් ලබා ගත්ත අගය එකතු කරලා අවසාන පිළිතුර ලබා ගන්න ඕන.

මෙතනදී මතක තියාගන්න ඕන වැදගත් දේ තමයි ප්‍රධාන පරිමාණයේ පාඨාංකය ගන්න එකක ඉන්න කුඩාම මිනුම මිනුමේ ඒකකයත් ගන්න ඕනි කියන එක.
මෙහෙම කියද්දි පැටලුනා එහෙම නම් ඔයාලට පහල සමීකරණ බැලුවහම මේක අවුලක් නැතුව තේරුම් ගන්න පුළුවන්.


අද ලිපියෙන් කතා කලේ වර්නියර් කැලිපරයක් සම්බන්ධව මූලික සිද්ධාන්ත. ඒ වගේම කොහොමද වර්නියර් කැලිපරයක් පාවිච්චි කරල පාඨාංක ලබා ගන්නේ කියන දේවල් ගැන. 

මේ මිනුම් උපකරණ සම්බන්ධව ඔයාලත් තවත් දැනගන්න ඕන අත්‍යවශ්‍ය දෙයක් තියෙනවා.  
ඒ තමයි මිනුම් දෝෂ.

අපි එහෙනම් ඊලඟ ලිපියෙන් මිනුම් දෝෂ ගැන සවිස්තරාත්මකව සාකච්චා කරමු.

මේ ලිපි ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න share කරන්න අමතක කරන්න එපා.  

ඔයාලා facebook පාවිච්චි කරනවා නම් අනිවාර්යෙන්ම අපේ page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා.
මෙතනින් අපේ page එකට ඔයාලට යන්න පුළුවන්.

No comments:

Post a Comment

පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]

ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...