Sunday, February 17, 2019
ධාරා විද්‍යුතය [1.මූලික සංකල්ප (iv)]
ඔන්න අද අපි කතා කරන්න යන්නෙ ධාරා විද්‍යුතයේ විද්‍යුත් ශක්තිය සහ විද්‍යුත් ක්ෂමතාව කියන කොටස. මේ ධාරා විද්‍යුතයේ මූලික සංකල්ප ගැන තියන 4 වෙනි ලිපිය. කලින් ලිපි 3 කියවල තමයි මේක කියවන්න ඕනෙ. කියෙව්වෙ නැත්තන් පහළ ලින්ක් වලින් ගිහිල්ල කියවල අවබෝධ කරගෙන එන්න.
ධාරා විද්‍යුතය මූලික සංකල්ප 1
ධාරා විද්‍යුතය මූලික සංකල්ප 2
ධාරා විද්‍යුතය මූලික සංකල්ප 3
විද්‍යුත් ශක්තිය (W)
අපි කලින් ලිපියෙන් විද්‍යුත් විභවය කියන එක පරිපථයකට හරියන විදිහට කිව්වනේ. මං ආයෙ කියන්නම්.. අපි ඒකෙදි කිව්වෙ, +1C ආරෝපණයක් විද්‍යුත් පරිපථයක යම් ලක්ෂ්‍යයක ඉන්න කොට ඒ ආරෝපණය සතු විද්‍යුත් ශක්තිය ඒ ලක්ෂ්‍යයේ විභවය කියල අපි කිව්ව. දැන් අපිට ඕනෙ මේ විද්‍යුත් ශක්තිය කියන එකට සම්බන්ධයක් ලබාගන්න. අපි දැ බලමු කොහොමද ඒක කරන්නෙ කියල.
මේකෙදි අපි ගණනය පිහිටුම් දෙකකදි ශක්ති වෙනසක්. මොකද ආරෝපණ ඒ කාලය තුළදි ගලාගෙන යනව. එතකොට ඒ ආරෝපණ ගමන් කරන දුර තමයි පිහිටුම් දෙක අතර දුර. මේක නිකන් දැනගන්න කිව්වෙ. මේ ගැන වැඩිය හිතන්න අමාරුයි උසස් පෙළ මට්ටමෙන්. මං තව පොඩි දෙයක් කියන්නම් ඔයාලගෙ දැනුමට.
වැඩි විභවයක ඉඳල අඩු විභවයකට ධාරාව ගමන් කරනවනම් වාහක ශක්තිය නිදහස් කරනව. ඇයි ඒක එහෙම වෙන්නෙ. විභවය කියන්නෙ එතන තියන ආරෝපනයක් සතු ශක්තියනෙ. එතකොට වැඩි විභවයක ඉඳන් අඩු විභවයට එන කොට වාහක වල ශක්තිය අඩු වෙන්න එපැයි. අන්න ඒ අඩුවෙන ටික නිදහස් කරනව කියල අපි කියනව. එතකොට අඩු විභවයේ සිට වැඩි විභවයට යනකොට වෙන්නෙ වාහක වලට ශක්තිය ලැබෙන එක. ඒකත් ඔය කලින් කියපු විදිහමයි. පොඩ්ඩක් හිතල බලන්න බැට්‍රියක් චාර්ජ් වෙද්දි වෙන්නෙ මේක ද කියල.
ඉතින් අපි ඊළඟට බලමු විද්‍යුත් ක්ෂමතාවය ගැන.
විද්‍යුත් ක්ෂමතාවය
මේ ගැන ඉතින් කියන එච්චර දෙයක් නෑනෙ. ක්ෂමතාවය කියන්නෙ ශක්තිය ලබාගැනීමේ හෝ පිටකිරීමේ සීග්‍රතාවය. මං මෙතනදි ලබගැනීමකුයි පිටකිරීමකුයි ගැන කිව්වෙ, විභව අන්තරයක් හරහා ධාරාවක් යන කොට ඔය දෙකම වෙන්න පුලුවන් නිසා. ඇයි වැඩි විභවයේ ඉඳන් අඩු විභවයට යන කොට වාහක ශක්තිය නිදහස් කරනව, අඩු විභවයේ ඉඳන් වැඩි විභවයකට යන කොට වාහක ශක්තිය ලබාගන්නව. ඉතින් අපි දැන් මේකටත් ගණිතමය සම්බන්ධයක් ගන්න තමයි යන්නෙ.
V විභව අන්තරයක් හරහා I ධාරාවක් යනකොට අපිට මේ සම්බන්ධය යොදන්න පුලුවන්.
ඔන්න දැන් අපි ධාරා විද්‍යුතයෙදි ඔයාල දැනගන්න ඕන මූලික පද, සමීකරණ වගේ දේවල් ටිකක් කතා කලා. ඊළඟට අපිට කතාකරන්න තියෙන්නෙ සන්නායක ගැන. අපි එහෙනම් ඊලඟ ලිපියෙන් හමුවෙමු. මේ සම්බන්ධයෙන් ඔයාලගෙ අදහස් පහළින් comment කරන්න අමතක කරන්න එපා.
Subscribe to:
Post Comments (Atom)
පදාර්ථ හා විකිරණ [2.ප්‍රකාශ විද්‍යුත් ආචරණය (i) ]
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න අද අපි පටන් ගන්න යන්නේ උසස් පෙළ භෞතික විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහගත රචනා වලට අත්‍යවශ්‍ය වෙන ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධව. ඉතින්...
-
ඔන්න අද අපි කතා කරන්න යන්නේ පදාර්ථ හා විකිරණ පාඩමේ දෙවැනි කොටස. අපි මේ පාඩමේ පලවෙනි කොටස වෙච්ච තාප විකිරණය ගැන කලින් ලිපිවලින් සාකච්ඡා...
-
ඔන්න, අපි අද පටන් ගන්න යන්නෙ තවත් අලුත් පාඩමක්. ඒ තමයි ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍ර කියන පාඩම. මේක අපි මූලික වශයෙන් ප්‍රධාන කොටස් 3 ක් යටතේ අ...



No comments:
Post a Comment